Sunday, June 21, 2015

හමුවෙන දවස

ඔබේ ආදරයේ පැටලී දැවටී සිටින්නට
මගේ සිත දක්වන්නේ පුදුමාකාර කැමත්තකි.
මා මෙන්ම ඔබත් මගේ ආදරය තුල පැටලි සිටීමට කොතරම් කැමතිද

නිමේෂයෙන් නිමේෂය ගතවෙත්ම
ඔබ මා හමුවෙන දවස ලගාවෙයි..
ඔබද ඒ දවස එනතුරු ඇගිලි ගනිමින් සිටින බව නොරහසකි

ඔබේ ලෝකය තුල සිටින මට කිසිවෙකුටත්
කිසිම ලෙසකින් බලපෑම් කල නොහැකිය
ඔබේ ලග සිටින විට මට පාලු නැත.
ඔබේ අඩුපාඩුද නැත

එන්න අප හමුවෙමු නොවැරදීම...

මට ඔබ නැති ලෝකය

ඔබට මාද මටද ඔබද නොමැතිව සිටීමට නොහැකි දින
ඔබ මට නොලැබුනහොත් කුමක් වේවිද..

මා සිත තුල සිටින දිව්‍ය අංගනාව ඔබ වේ.
මට ඔබ නැතිව බැරිය.
ඔබ මගේම පමණයි.
මමත් ඔබේම පමණයි..