Tuesday, May 19, 2015

මගේ කවිය මට දෙන්න

මම ඔබේ දෑස දෙස බලයි ඔබ මගේ දෑස දෙසද බලයි
ඔබේ දෑස දෙස බලන විට හැගෙන හැගීම් කවි කරේය මා..
අවසානයේ ඒවා ඔබේ දෑස මෙන්ම අලංකාර විය.

නමුත් අන්සතු වරදකට ඔබේ දෑස අද කදුලෙන් තෙත් වී ඇත
තමන් නොකල වරදකට කවුරුන්ද දුක්වන්නේ ඔබ හැර
ඔබේ දෑසේ කදුලු කැට නවතා ලන්නට ඔබේ මුහුණට සිනහවක් වෙන්නම් මම.
එතනින් නොනැවතී මම ඔබට මිහිරි සුළගක් ද වෙන්නම්

නැවත මගේ කවිය මට දෙන්න..

Thursday, May 7, 2015

සරා සඳ සහ මම

නුබ සරා සඳක් වේ මා හට..
නුබේ බැල්ම සරා සරා සදේ කාන්තියට වඩා එලියයි..
නුබේ ප්‍රාණය මාගේ ජීවයට දැන් නම් අත්‍යවෂ්‍යය...

වැසි වැස්සත් සුලං හැමුවත්
සරා සඳ එලිය නොමැතිව මම කෙසේ සිටින්නද..
ඉදිරිය තවමත් අවිනිශ්චිතයි..

සුළග යා කරන ඔබේ මගේ හද ගැස්ම

තනි වූ සඳ,
ඔබ කොතරම් දුරින් සිටියත්
ඔබේ කාන්තිය වර්ණවත්ය..
ඒ කාන්තිය තුරු ලතා වලට වැටී
එහි ඇති පත්‍ර කාන්තියෙන් නහවයි..

සුළං හමද්දී,
ඒ කාන්තිමත් බවේ සුවය සුළගට මුසු වෙයි..
ඒ සුළග මා සොයා අවුත්
මාගේ සිරුරේ දැවටී යයි..
ඒ සුලගම ඔබවද  සංතෘප්ත කරයි...

දුර ඇති සඳ ඔබද මාද නොදැනුවත්වම යා කරයි..


Tuesday, May 5, 2015

ඔබ සහ මම

නොකියා ගියත් පෙම් බස් දොඩා සැනෙකින් නික්ම

ඔබේ කෙළි ලොල් බසට.. ඔබේ රුවට ලොල්ව
ඔබ නැවත එන තෙක් බලා සිටිමි මම නොනිද
නමුත් තව පෑ දොලොසක් ඉතිරි ඇත...........

Saturday, May 2, 2015

උඹ ආ ගිය හැටි

ඉස්සර උඹ හමු වුවා... වෙන් වූවා.. ආයෙත් හමු වූවා...
උබ අපෙන් වෙන්ව දුරකට ගියා...........
දුරක සිටත් උබ අප ගැන සෙව්වා කතා බස් කලා
නමුත් උබ අපට නොකියාම ගියා මෙලොවින්

ජීවිතය පුදුමාකාරය නමුත් හරි හැඩකාරය
මාරයා හැම විටම සූදානම්ය
නුබද නොසිතුව ලෙසින් ඔහු රැගෙන ගිය කල
අපත් ඒ ලෙසින් සමු ගෙන යනු ඇත දවසක

එදින අප යලි හමුවී කමු බොමු
තවත් පිං දහම් කරගමු